34 C
Colombo
Friday, May 3, 2024

ලිට්‍රෝ සභාපතිවරයාට හිටපු සභාපතිගෙන් දැවැන්ත කණේ පහරක්

- Advertisement -

ලිට්‍රෝ සමාගමේ වර්තමාන සභාපතිවරයා වන තෙසාර ජයසිංහ මහතා නිරන්තරයෙන්ම තමගේ නොහැකියාව සහ නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් කටයුතු කරනු බව ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා සදහන් කරන්නේ වගකිවයුතු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක ප්‍රධානියකුගේ කාර්යභාරය නිසියාකාරව තේරුම් ගත්තේ නම්, වසර 150 ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන වර්තමාන ලිට්‍රෝ සමාගම සම්බන්ධයෙන් මෙතරම් අප්‍රසාදයක් සහ අවිශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගෙන ආකාරයෙන් වත්මන් සභාපතිවරයා කිසිදිනක කටයුතු සිදු නොකරන බවයි.

සභාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය නිසා ලිට්‍රෝ සමාගම පමණක් නොව වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත ‍රජයම අපහසුවට පත්කොට තිබෙන බව අනිල් කොස්වත්ත මහතා පෙන්වා දෙනවා.

තෙසාර ජයසිංහ මහතා තවදුරටත් ආයතනය තුළ සභාපති ලෙස සිටිමින් එම ආයතනය ජනතාවගේ විවෙව්චනයට සහ අවිශ්වාසය ගොඩනැගෙන ආකාරයෙන් කටයුතු කිරිම නිසා ඔහු වැඩ බාරගත් දින සිට පසුගිය මාස 6 ක තුළ පාරිභෝගිකයාට හෝ රජයට වාසිදායක මෙන්ම සාධනිය කිසිම දෙයක් නොකළ බවත් ඔහුගේ පරිපාලනයේ දුර්වලත්වය ඔහු විසින්ම මැනවින් ඔප්පු කොට ඇති බවත් කොස්වත්ත මහතා සදහන් කරනවා.

පසුගිය රජයේ සිටි අවංක අමාත්‍යවරයෙකු වු දිවංගත මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා සමයේදී ලිට්‍රෝ සමාගම LPG ගැස් මිලදි ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2019 ජුලි මාසයේ දි නිසියාකාරව ආරම්භ කරන ලද බව කොස්වත්ත මහතා සිය සටහනෙහි දක්වා තිබෙනවා.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා විනිවිදභාවයෙන් යුක්තව, අමාත්‍ය මණ්ඩලය පත්කල ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කිරීමෙන් අනතුරුව අවසානයේ අභියාචනා කමිටුවට ද ඉදිරිපත් කොට 2020 ජනවාරි 30දින වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් එම ගෑස් මිලදී ගැනීම අනුමත කළ බව අනිල් කොස්වත්ත මහතා පෙන්වා දෙනවා.

ආණ්ඩු දෙකක් මගින් ප්‍රසම්පාදන කටයුතු සිදු කොට තීරණය කල ටෙන්ඩරය තමන් පරිපාලනය භාරගෙන සතියක් තුල ක්‍රියාත්මක කළ අතර එහි කොන්දේසි වෙනස් කොට හෝ සංශෝධනය කොට තිබේනම් ඒ සම්බන්ධයෙන් දෙනු ලබන ඕනම දඩුවමකටම යටත්වීමට තමන් සුදානම් බවද කොස්වත්ත මහතා පවසනවා.

එහෙත් නිසියාකාරව කරුණු හදාරා අවබෝධ නොකොට වගකිම් විරහිතව පසුගිය කාලය සම්බන්ධයෙන් සහ පුද්ගලිකව තමා සම්බන්ධයෙන් තෙසාර ජයසිංහ මහතා එල්ල කරනු ලබන චෝදානා ඉතා වගකිමෙන් බැහැර කරනුයේ තමන් සභාපතිව සිටි වසර එකහාමාර පමණක් නොව ඊට පෙර සිටි පාලනාධිකාරියේ වගකිමද තමන් භාරගැනීමෙන් බවයි කොස්වත්ත මහතා පෙන්වා දෙන්නේ.

ඒ මහතා පවසන්නේ තමන් එලෙස වගකීම භාරගනු ලබන්නේ වත්මන් සභාපතිවරයාගේ මෙම ක්‍රියාකාරීත්වය තමන්ට පමණක් නොව ලිට්‍රෝ ආයතනයේ වර්තමානයේ සිටින ඉහල කලමනාකාරිත්වයට මෙන්ම, මෙතෙක් එම සමාගමේ සිටි සියලු සභාපතිවරු මෙන්ම ලිට්‍රෝ සමාගම් පාලනධිකාරිය සහ එහි භාරව සිටි අමාත්‍යාංශ සහ අමාත්‍යවරුන්ටද කරන ලද අවමානයක් බැවින් බවයි.

අනිල් කොස්වත්ත මහතා පෙන්වා දෙන්නේ වර්තමාන පාලකයා ලෙස තෙසාර ජයසිංහ මහතාට ඔහුගේ බලඅධිකාරිය තුළ සමාගමේ පසුගිය වකවානුව තුළ රුපියලක හෝ වංචාවක් දූෂණයක් සිදුව ඇත්නම් තරාතිරම නොබලා අදාළ පුද්ගලයන්ව නිතියට හසුකරදීම ඉතා පහසු කටයුත්තක් බවයි.

එමෙන්ම ඔහුද අවංකව දූෂිතයෙක් නොවන්නේ නම් ඊට නිර්භයව ඉදිරිපත් වී එම දූෂිතයන් නීතිය ඉදිරියට ගෙන ඒමට ඔහු නොපැකිලිව කලයුතු බවද කොස්වත්ත මහතා සදහන් කරනවා.

එසේ නොමැතිව තමගේ නොහැකියාව වසන්කර ගැනිමට වෙනත් පාර්ශ්වයන්ගේ නම් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරිම යුක්තිගරුක පරිපාලකයකුගේ ලක්ෂණයක් නොවන බවයි අනිල් කොස්වත්ත මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.


RECENT ARTICLES - SINHALA

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...