27 C
Colombo
Friday, May 3, 2024

දැඩි සත්කාර ඒකක ඇදන් 70 න් 52 ක් ආයෙත් පිරිලා

- Advertisement -

රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල් තුළ කොවිඩ් වෛරස ආසාදිතයින් සදහා ප්‍රතිකාර කිරීමට වෙන්කර ඇති දැඩි සත්කාර ඒකකවල ඇදන් 70න් 52ක්ම මේ වන විට පිරී ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඊයේ (17) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොවිඩ් 19 පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා පැවසුවේ පසුගිය කාල සීමාවට වඩා මෙම කාලයේදී ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේද යම් වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

එමෙන්ම මෙරට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම කොවිඩ් රෝගීන් සදහා 15,000ක ඇදන් ධාරිතාවයක් පවතින අතර, මේ වන විට ඉන් 30%ක පමණ රෝගීන් ගිලන්ව ප්‍රතිකාර ලබන බව අන්වර් මහතා පෙන්වා දෙනවා.

ඔමික්‍රොන් වෛරස ප්‍රභේද ව්‍යාප්තිය හමුවේ කොවිඩ් මර්දන එන්නත්කරණයට යොමුවීම ඉතා වැදගත් බව වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

මොවුන් දුටුවොත් පොලිසියට කියන්න

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා. මේ අතර අදාළ සිදුවීමෙන් පසුව මේ...

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...