33 C
Colombo
Friday, May 3, 2024

සත්තු වත්තේ සත්‍යග්‍රහයට ඉරාජ් වීරරත්නත් එක්වෙයි

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ, ශ්‍රී ලංකා පොදුජන සේවක සංගමය හා ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමය විසින් මේ වන විට දෙහිවල සත්වෝද්‍යානය තුළ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් ඉවත් කරන ලෙසටයි.

ඔවුන් පවසන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයෑම හා රෝගීවීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් මෙන්ම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සොයා නොබලන බවයි.

එමෙන්ම අනතුරු සදහා ලබාදෙන දීමනාව සියලුම දෙනා හට ලබාදෙන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

මෙම විරෝධතාවයට සහය දැක්වීම සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ආනන්ද සාගර හිමියන්ද පැමිණ සිටියා.

එමෙන්ම විශිෂ්ඨ සංගීතවේදී හා ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාද අද (18) පස්වරුවේ එම ස්ථානයට පැමිණියා.

වත්මන් රජය බලයට පත්වූ පසුව ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වුණා.

මෙම සත්‍යග්‍රහය සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසන්නේ දෙහිවල සත්වෝද්‍යානය තුළ පවත්වාගෙන ගිය නීති විරෝධී පොහොර ව්‍යාපෘතියක් තමන් විසින් නවත්වා දැමීමට එරෙහිව මෙය ක්‍රියාත්මක බවයි.

මූලික පරීක්ෂණයකින් හා අභ්‍යන්තර විගණනයක් මගින් මෙම පොහොර ව්‍යාපෘතිය රාජ්‍ය දේපල අවභාවිතා කර ඇති බවට හෙළිව ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය මාස 6 තුළ සත්වෝද්‍යානය තුළ සතුන් 38 දෙනෙක් මියගිය බවට සේවකයින් නගන චෝදනාවට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහත්මිය සදහන් කළේ එම මාස 6 තුළ සත්වෝද්‍යානය තුළ උපත් 98 ක් සිදුව ඇති බවයි.

ඒ අනුව සත්වෝද්‍යානය තුළ සිටින සතුන් 3485 කින් මරණ 38 ක් සිදුවීම විශාල ප්‍රමාණයක් නොවන බවයි ඇය පෙන්වා දෙන්නේ.


RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...