30 C
Colombo
Saturday, May 4, 2024

IPL ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි

- Advertisement -

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදි අද (26) ඇරඹීමට නියමිතයි.

ඒ අනුව තරගාවලිය අරඹමින් පළමු තරගය පසුගිය වර ශූරයන් වූ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ප.ව 7.30ට ආරම්භවීමට නියමිතව තිබේ.

චෙන්නායි කණ්ඩායම සුපිරි නායක මහෙන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයට සමුදී රවීන්ද්‍ර ජඩේජාගේ නායකත්වය යටතේ තරගාවලියට ප්‍රවිශ්ඨ වන අතර කොල්කටා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ යොවුන් ක්‍රීඩක ශර්යස් අයියර් විසින්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් එක්වන අතර අද සිට මැයි 29 වනදා දක්වා තරග 74ක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 05 දෙනෙකු සහභාගි වේ.

වනිදු හසරංග – ????? ??????????? ?????????
දුෂ්මන්ත චමීර – ??????? ????? ??????
භානුක රාජපක්ෂ – ?????? ?????
චාමික කරුණාරත්න – ??????? ?????? ??????
මහීෂ් තීක්ෂණ – ??????? ????? ?????

එසේම මෙවර තරගාවලියේ කණ්ඩායම් පුහුණුකරුවන් ලෙස හිටපු සුපිරි ශ්‍රී ලාංකීකයන් කිහිප දෙනෙකුම සම්බන්ධ වී තිබේ.

මහේල ජයවර්ධන – මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු

කුමාර් සංගක්කාර – රාජස්තාන් රෝයල්ස් ක්‍රිකට් අධ්‍යක්ෂ

මුත්තයියා මුරලිදරන් – සන්රයිසස් හයිද්‍රාබාද් පන්දු යැවීමේ පුහුණුකරු

ලසිත් මාලිංග – රාජස්තාන් රෝයල්ස් වේගපන්දු යැවීමේ පුහුණුකරු


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...