33 C
Colombo
Sunday, May 5, 2024

2021 හොඳම ප්‍රවෘත්ති නිවේදකයා රවීන්, නිවේදිකාව උත්පලා

- Advertisement -

රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය දිනාගැනීමට සිරස ටීවී නාලිකාව වෙනුවෙන් රන්දික රවීන් සපුආරච්චි සමත් වුණා.

එමෙන්ම විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය මෙවර හිමිවුණේ හිරු ටීවී ආයතනය වෙනුවෙන් උත්පලා රත්නායක හටයි.

2021 වසරේ විශිෂ්ටතම දමිළ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය නේත්‍රා ටීවී නාලිකාව වෙනුවෙන් රාධිකා වින්සන් හට හිමිවූ අතර වසරේ විශිෂ්ටතම ඉංග්‍රීසි රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය TV1 නාලිකාව වෙනුවෙන් තරුෂ නදීර කුමාරසිංහ හිමිකර ගත්තා.

2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානය මෙවර හිමිවුණේ සිරස ටීවී නාලිකාවේ News1st ප්‍රවෘත්ති වෙතයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙල නොපැවැත්වීම නිසා මෙවර 2020 හා 2021 යන දෙවසරටම අදාළව සම්මාන ලබාදීම සිදුකෙරුණා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...