29 C
Colombo
Sunday, May 5, 2024

ජනාධිපති නිල නිවසේ සහ මන්ත්‍රී නිවාස වල විදුලිය කපන්නේ නෑ..!

- Advertisement -

අද (30) දිවයින පුරා පැය 10ක් පුරාවට විදුලි කප්පාදුවක් සිදු වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ දින නිවේදනය කර සිටියා.

ඒ අනුව අද උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක කාලයක් එලෙස දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී එම විදුලි කප්පාදුව සිදුවෙනු ඇති බවයි ඒ මහතා පවසා සිටියේ.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නො කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළ අතර එසේ විදුලිය කප්පාදු සිදු නො කරන ප්‍රදේශවලට ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව හා මාදිවෙල මන්ත්‍රී නිවාස ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මේ අතර,ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ තවත් සතියක කාලයක් පමණක් බව විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ, වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සිඝ්‍ර ලෙස අඩුවීම නිසාවෙන්.

අවශ්‍ය ප්‍රමාණයට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ලබා නොදීම නිසා තවදුරටත් විදුලි උත්පාදනයට බාධා මතුවනු ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

තවද, ඉදිරියේ දී විදුලි කප්පාදුව සිදුකෙරෙන පැය ගණන දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ, විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ, මේ වනවිට ලැබී ඇති තෙල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...