26 C
Colombo
Thursday, March 23, 2023

ආර්ථික අර්බුදය මැද මන්ත්‍රීවරුන්ගේ පවුල්වල අයටත් පාර්ලිමේන්තුවේ භෝජනාගාරය ඇරේ

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් අනිද්දා සිට පාර්ලිමේන්තු මන්ත්‍රී, අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් එහි භෝජනාගාර අංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා (01) සිට අවසර ලබා දෙන අතර මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය මෙසේ විවෘත කෙරෙන්නේ ඒ අනුවය.

කෙසේවෙතත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

කොවිඩ් වසංගතයේ පැතිරීමත් සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණා.

පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් රැසක් සිය පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබු බව වාර්තාවනවා.

ඒ අනුව මෙම අවස්ථාව සලසා දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ඔස්සේ පැවසෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරිද ඉදිරියේදී ඉතා සීමිත පිරිසක් සඳහා විවෘත කිරීමට අවධානය යොමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

කොවිඩ් පාලන සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව දැනට පාර්ලිමේන්තුවේ විවෘත කර පවතින්නේ මාධ්‍ය ගැලරිය පමණයි.

එසේම ශෝක යෝජනා විවාදයන් පැවැත්වෙන අවස්ථාවන්හි එම විවාද දැක බලා ගැනීම සඳහා මියගිය මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ පවුල්වල සාමාජිකයන් පස්දෙනෙකුට පමණක් අවස්ථාව ලබාදීමට දැනට කටයුතු යොදා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...