28 C
Colombo
Sunday, May 5, 2024

ජනතාව පෝලිමේ ඉන්නවා දැක්කම දුකයි – ඇමති චමල්

- Advertisement -

ජනතාව පෝලිම්වල සිටිනවා දකින විට මට හමත් දුකක් දැනෙනවා යැයි වාරිමාර්ග අමාත්‍ය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹදී ඊයේ (29) පැවති උත්සවයකට සහභාගීවෙමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.

තවමත් තමන්ට ගමට යෑමේ හැකියාව ඇති නමුත් ජනතාව පෝලිම්වල සිටීම දුක් දෙන්නක් බව චමල් රාජපක්ෂ මහතා පවසනවා.

මේ වන විටත් පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉල්ලා අස්වීම් සිදුකිරීමෙන් පලක් නොමැති බවත් අවශ්‍ය වන්නේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

තෙල් සහ ගෑස් පෝලිම්වල සිටින ජනතාව ආණ්ඩුවට තදින් දොස් පැවරීම පිළිබදව ඉතා හොඳින් දැනුවත් නමුත් රජයෙන් ඒ සඳහා ලබාදෙන පිළිතුරු ප්‍රමාණවත් නොවන බවයි චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...