34 C
Colombo
Friday, May 3, 2024

ඉරාජ්ගේ Youtube චැනලය අතුරුදන්

- Advertisement -

කුප්‍රකට සංගීත ශිල්පියෙක්වන ඉරාජ් වීරරත්නට අයත් Youtube නාළිකාව මේ වන විට Youtube සමාජ අඩවියෙන් ඉවත්කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙය සම්පූර්ණයෙන්ම ඉවත්කරගෙනද (Delete) එසේත් නැතිනම් අප්‍රසිද්ධ කර ඇතිද (Unpublish) යන්න පිළිබදව තවමත් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පලකරන පිරිස් සංවිධානාත්කව පසුගිය දින කිහිපයේ පටන් ඉරාජ් වීරරත්නගේ Youtube චැනලයෙන් ඉවත්වීම ආරම්භ කළා.

ඒ අනුව ඉරාජ් වීරරත්නගේ Youtube චැනලයේ සිටි Subscribers ප්‍රමාණයෙන් ඊයේ (09) රාත්‍රිය වන විට 3000 කට ආසන්න පිරිසක් ඉවත්ව තිබුණා.

අද (10) උදෑසන වන විට එම පිරිස ආසන්න වශයෙන් 9000 ක් පමණක් වූ නිසා මෙම Youtube චැනලය අක්‍රීය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාජ් වීරරත්න වත්මන් රජය බලයට පත්කිරීමට සමාජ මාධ්‍ය හා ඔහුගේ සංගීත වැඩකටයුතු යොදාගත්තා.

එහිදී ඔහු දේශපාලන පක්ෂවලට මෙන්ම පුද්ගල චරිතවලට අපහාසාත්මකව බාල වර්ගයේ නිර්මාණ කරමින් මඩ ගැසීමට කටයුතු කළ නිසා පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ විවේචනයට බදුන් වුණා.

කෙසේවෙතත් වත්මන් රජය බලයට පත්වූ පසුව ඉරාජ් වීරරත්න හට සංචාරක අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරක් පවා ලබාදීමට කටයුතු කළා.


RECENT ARTICLES - SINHALA

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...