28 C
Colombo
Friday, May 3, 2024

පකිස්ථානයේ නව අගමැති පත්වූ පසු රටගිය සොහොයුරා නැවත මවුබිමට

- Advertisement -

සිය සොහොයුරු ෂෙබාස් ෂරීෆ් පාකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ එරට තෙවරක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ නවාස් ෂරීෆ් යළි පාකිස්ථානයට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ වනවිට ලන්ඩනයේ ජීවත්වන නවාස් ෂරීෆ් ලබන මස මුලදී සිය මව්බිම වෙත පැමිණෙන්නේ රාමසාන් උපවාසය අවසන් කිරීමෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නවාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ කාල වකවානුව තුළ සිදුකළ බවට මුල්‍ය ඇතුළු දූෂණ චෝදනා රැසක් ඔහුට එල්ල වුණා.

එම චෝදනාවන්ට නවාස් ෂරීෆ්ට වසර 07ක සිරදඬුවමක් නියම කෙරුණා.

කෙසේ වෙතත් ඔහු 2019 වසරේ අග භාගයේ ප්‍රතිකාර ලබා ගැනීමට ලන්ඩනය බලා පිටත්ව ගියේ එම නඩුවෙන් ඇප හිමව, පාකිස්ථාන අධිකරණයෙන් විශේෂ අවසරයක් ලැබීමෙන් පසුවයි.

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ව එරට විපක්ෂය විසින් විශ්වාසභංගයකින් පරාජය කිරීමත් සමඟ ඔහුට අගමැති අසුන හැර යන්නට පසුගිය දා සිදු වුණා.

ඒ අනුව පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් අද (11) දිනයේ තෝරා පත්කර ගනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...