27 C
Colombo
Monday, May 6, 2024

ඉල්ලා අස්වෙන්න හදපු ප්‍රියංකරට මහින්දගෙන් කැරට් අලයක්

- Advertisement -

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හට අග්‍රාමාත්‍යවරයා විසින් නව තනතුරක් ලබාදී තිබෙනවා.

ඒ අනුව පුත්තලම ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ ආණමඩුව නවගත්තේගම, පල්ලම සහ කරුවලගස්වැව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධූරය ප්‍රියංකර ජයරත්න මහතාට ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඊට අදාළ පත්වීමේ ලිපිය පෙරේදා (11) අරලියගහ මන්දිරයේදී ජයරත්න මහතාට ලබාදී තිබෙනවා.

ප්‍රියංකර ජයරත්න මහතා මීට දින කිහිපයකට පෙර සිය රාජ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වී ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකර තිබුණා.

කෙසේවෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම ප්‍රතික්ෂේප කළා.

ප්‍රියංකර ජයරත්න මහතා පසුගිය කාලය පුරාවටම ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබදව කළකිරීමෙන් සිටින බවට අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර සිටියා.

එවන් පසුබිමක නව තනතුරක් ලබාදී ජයරත්න මහතාව ආණ්ඩුව තුළම තබාගැනීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...