33 C
Colombo
Sunday, May 5, 2024

අරගලයට සහයදි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා විෂමාචාර චෝදනා තියෙන කෙනෙක් – පොලීසිය

- Advertisement -

ගාලු මුවදොර අභියස ක්‍රියාත්මක ආණ්ඩු විරෝධී අරගලයට සහයදක්වමින් කතාවක් පැවැත්වූ පොලිස් නිලධාරියාට මීට පෙර විෂමාචාර චෝදනා රැසක් ඇති බව පොලීසිය නිවේදනය කරනවා.

ඊයේ (14) ගාලු මුවදොරට පැමිණ පොලිස් නිල ඇඳුමෙන්ම අරගලයට සහය පලකර කතාවක් පැවැත්වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසි සදහන් කරන්නේ මෙම පොලිස් සැරයන්වරයා කුට්ටිගල පොලි්ස ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන ඩබ්ලිව්.එම්.අමරදාස බවට හදුනාගෙන ඇති බවයි.

1989 වසරේ පොලිස් සේවයට බැදුනු ඔහු විවිධ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටියදී විෂමාචාර චෝදනාවලට හසුවීම නිසා දඩුවම් ලබා හා වැඩ තහනමට ලක්ව ඇති නිලධාරියෙක් බව පොලීසිය නිවේදනය කරනවා.

1999 වසරේදී නීති විරෝධී ලෙස දැව ප්‍රවානයක කිරීමක් සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයක් අවසානයේ දඩුවම් ලබා ඇති බවත් 2013 වසරේදී නීති විරෝධී ලෙස ගංජා සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩතහනමට ලක්වූ පුද්ගලයෙක් බවත් නිවේදනයේ සදහන්.

පසුව අතිශය සානුකම්පිත හේතූන් මත නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කළ බවද පොලීසිය පවසනවා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...