32 C
Colombo
Monday, May 6, 2024

මියගිය තරුණයාට මඩ ගසා යුදහමුදාපති WhatsApp පණිවුඩ යවයි

- Advertisement -

රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාට මඩ ගසමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා WhatsApp සමාජ මාධ්‍යයෙහි විවිධ දෑ පලකරන බවට තොරතුරු වාර්තා වනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගය පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතාද පෙන්වා දුන්නේ මියගිය තරුණයා දේශපාලන පක්ෂවලට සම්බන්ධ බවට සදහන් සටහන් යුදහමුදාපතිවරයා WhatsApp Group වල පලකරන බවයි.

දේශපාලනයෙන් තොරව කටයුතු කලයුතු ස්වාධීන තනතුරක් වන යුදහමුදාපති ධූරය දරන යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙම ක්‍රියාකලාපය පිළිබදව වහාම විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවද හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

යුද හමුදාපතිවරයා පලකර ඇති සටහනෙහි දැක්වෙන්නේ මියගිය චමින්ද ලක්ෂාන් තරුණයා 2007 වසරේදී මියගිය හර්ෂ හෙට්ටිආරච්චි මහතාගේ මරණයට සැකකරුවෙක් ලෙස බන්ධනාගාරගත කරසිටි අයෙක් බවයි.

කලක් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් වන සන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක් ලෙස ක්‍රියාකල බවත් පසුගිය කාලයේදී සමගි ජනබලවේගය පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක අජිත් සෙනෙවිරත්න මහතාගේ ප්‍රබල ආධාරකරුවෙක් ලෙස ක්‍රියාකර ඇති බවද යුදහමුදාපතිවරයා පලකර ඇති සටහනෙහි දැක්වෙනවා.

විපක්ෂය ප්‍රශ්න කර සිටියේ මෙම කරුණු සත්‍ය බවට මොහොතකට සිතුවද එය ඔහුට වෙඩි තැබීමට සාධාරණ හේතුවක්ද යන්නයි.


RECENT ARTICLES - SINHALA

හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගෙන

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ...

අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන්ට ඇප

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය...

පොහොට්ටු ඡන්දය විකුණන්න දෙන්න බැහැ-දිලිත්

පොහොට්ටුවට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...