26 C
Colombo
Tuesday, April 30, 2024

රටේ ඉන්ධන ප්‍රශ්නයක් නෑ..! – නව බලශක්ති හා විදුලිබල ඇමති

- Advertisement -

මේ වන විට රට තුල ඇත්තේ ඉන්ධන ප්‍රවාහනය කිරීම සම්බන්ධ ගැටළුවක් විනා ඉන්ධන ගැටළුවක් නොවන බව බලශක්ති අමාත්‍ය, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින්.

රට තුල ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැති බවට හිටපු අග්‍රාමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය නිවැරදි නොවන බවයි එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.දින 10කට ප්‍රමාණවත් පෙට්‍රල් සහ දින 14කට ප්‍රමාණවත් ඩීසල් තොග රට තුල පවතින බවත් යාත්‍රා දෙකක රැගෙන ආ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක් ෂැමරිකානු ඩොලර් මිලියන 38ක් ගෙවීමෙන් පසු ගොඩ බෑම අරඹා ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

දැනටමත් තිබෙන ගල් අඟුරු තොග සහ අලුතින් ලැබී ඇති තොග එක්ව ගත් විට ගල් අඟුරු බලාගාර මෙගා වොට් 810 ක උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තැනින් තැන සිදු කෙරෙන උද්ඝෝෂණ හා මාර්ග අවහිර කිරීම් නිසිපරිදි රටපුරා ඉන්ධන බෙදා හැරීමට බලවත් බාධාවක් වන බැවින් ජන ජීවිතයට අත්‍යවශ්‍ය ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට ඊට සහය වන්නැයි බලශක්ති ඇමතිවරයා ජනතාවට පවසනවා.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...