30 C
Colombo
Thursday, May 2, 2024

සජබෙ අන්තර්කාලීන ආණ්ඩුවකට එකඟවෙයි

- Advertisement -

මෙතෙක් කල් අන්තර්කාලීන ආණ්ඩුවකට දිගින් දිගටම විරෝධය පලකළ සමගි ජනබලවේගය පක්ෂය මේ වන විට ඊට එකඟවී ඇති බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.

මේ පිළිබදව අවසන් සාකච්ඡාව ඊයේ (24) සමගි ජනබලවේගය පක්ෂයේ ආර්ථික කමිටු රැස්වීමේදී ගෙන තිබෙනවා.

එහිදී පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා මාස 06 ක අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් ඊට ආර්ථික විශේෂඥයින්ගේ සහය ගැනීමටත් සාකච්ඡාවී තිබෙනවා.

කෙසේවෙතත් මීට පෙර සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ සක්විති රජකම ලැබුණද අන්තර්කාලීන ආණ්ඩුවකට කිසිසේත්ම එකඟ නොවන බවයි.

ඊයේ පැවති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අදහස් දක්වමින්, මේ මොහොතේ රට ගොඩගැනීම පක්ෂයේ මූලික අරමුණ විය යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් ආණ්ඩුවන් හෝ ඉදිරිපත් වන්නේ නම් තමන් ඊට වුවද සහය දක්වන බවත් පවසා තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු මහතාද අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ රට මුහුණ පා තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය විසදීම සඳහා මේ මොහොතේ පක්ෂ දේශපාලනයෙන් බැහැරවූ ක්‍රියාමාර්ගයකට එකඟවීමට සිදුවන බවයි.

පසුව සමගි ජනබලවේගය සිය අවසාන තීරණය වශයෙන් මාස 06 කාලයක් සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් ඉන් අනතුරුව එය තවත් දීර්ඝ කරන්නේද මැතිවරණයකට යන්නේද යන්න ඒ මොහොතේ තීරණය කිරීමටත් යන එකඟතාවයට එළැඹ තිබෙනවා.

කෙසේවෙතත් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට පෙර 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීම අත්‍යාවශ්‍ය බවද මෙහි කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර්වාර ආණ්ඩුව නායකත්ව මණ්ඩලයකින් සමන්විත විය යුතු අතර එහි අමාත්‍ය ධූර ඒ ඒ විෂයන්හී ප්‍රවීණයන්ගෙන් සමන්විය යුතු බවටද යෝජනා වී තිබෙනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා සිය කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

නමුත් මේ වන විට රට පුරා විරෝධතා පවත්වමින් පාරට බැස සිටින ජනතාව ඉල්ලා සිටින මූලික ඉල්ලීම වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලුම දෙනා ගෙදර යායුතු බවයි.


RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...