28 C
Colombo
Friday, May 3, 2024

මම යන්නම්, ඒත් එක කොන්දේසියක් මත..! – මහින්ද

- Advertisement -

රට අරාජික වීමට කිසිසේත් ඉඩ නොතබන බවත් රටේ දේශපාලන ස්ථාවර භාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා තීරණ සමඟ කටයුතු කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ, පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න ඊයේ (26) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේදීයි.

මහා නායක හිමිවරුන් නිකුත් කළ ලිපිය පිළිබඳව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරනු ලැබ තිබෙනවා.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය සිය අදහස් පළ කළ අතර අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව මහා නායක ස්වාමීන්වහන්සේලා ප්‍රධාන ආගමික නායකයින්ගේ සහ සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශපාලන ස්ථාවර භාවය වැදගත්වන බවත්, ඒ හේතුවෙන් කිසිම මොහොතක රට අරාජික වීමට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය ධූරයට සුදුස්සෙක් නම් කරන්නේ නම් තමා ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කරන ලද බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ, පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ, පූජ්‍ය රජවත්තේ වප්ප ස්වාමීන්වහන්සේ, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...