24 C
Colombo
Monday, December 11, 2023

සර්ව පාක්ෂික ආණ්ඩුවේ මූලික සැලැස්ම ලන්සා කල්ලිය සාදයි

- Advertisement -

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ මූලික සැලැස්ම තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කර අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේ ස්වාධීනව වී සිටින මන්ත්‍රී කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේ කොළඹදී පැවැත්වූ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අද (27) දිනයේ සිට තමන්ගේ එම සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කරන බවයි ඔහු පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලංසා,

“සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවේ මූලික සැලැස්ම අපි දැන් හදලා ඉවරයි. හෙට (27) සිට අපි මේ රටේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කරනවා. අද ඒ පිළිබඳව ඒකමතිකව තීරණයකට ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්තෙන් අස්වෙලා ගියොත් මිසක් ව්‍යවස්ථානුකූලව ඒක විශාල කාර්යභාරයක්. හැබැයි අපි යෝජනා කරලා තියෙනවා ජාතික සභාවකට බලය ගේන්න”

විමල් වීරවංශ, අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.


RECENT ARTICLES - SINHALA

තැපෑල වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ (10) පස්වරු 04 ට මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය...

කුරුණෑගල පාසලක සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අසමත් වෙලා

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති පාසලක සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඇති සිසුන් 17දෙනකු විභාගය අසමත්වී තිබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා...

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...