33 C
Colombo
Monday, May 6, 2024

ගෝඨාගෝගම ප්‍රහාරයට දේශබන්දු තෙන්නකෝන් සම්පූර්ණ සහය දැක්වූ හැටි (ඡායාරූප)

- Advertisement -

පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින කුප්‍රකට පොලිස් නිලධාරියෙකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් පුද්ගලයා ඊයේ (09) ගාලුමුවදොර ඇතිවූ භීෂණකාරී තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිවයුතු බව ජනමාධ්‍යවේදීන් චෝදනා කරනවා.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා පොදුජන පෙරමුණේ මැරයින් හට ගාලුමුවදොර වෙත පැමිණීමට සියලු පහසුකම් සපයා ඇති අතර කඳුළු ගෑස් තබා පොලිස් මාර්ග බාධකයක් හෝ නොදමා ඔවුන්ට පැමිණීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් පොහොට්ටු මැරයන් මෙම ස්ථානයට රැගෙන විත් ඇති අතර දේශබන්දු තෙන්නකෝන් සනත් නිශාන්ත සමඟ එකපෙළට ගාලු මුවදොරට පැමිණි බව සිදුවීම වාර්තා කළ මාධ්‍යවේදීන් සඳහන් කරනවා.

ඒ බව තහවුරු කෙරෙන ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කෙරෙමින් පවතිනවා.

කෙසේවෙතත් විරෝධතාකරුවන් විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරච්චිකට්ටුවේ පිහිටි නිවස ඊයේ (09) සම්පූර්ණයෙන්ම ගිනිබත් කිරීමට කටයුතු කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...