27.6 C
Colombo
Monday, May 20, 2024

ගෙදර යන්න බැරි මන්ත්‍රීවරුන්ට කතානායක්ගෙන් හෝටල්

- Advertisement -

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනයන්හීදී ඊට සහභාගි වන ඇතැම් මන්ත්‍රීවරුන්ට යළි තම නිවසට යාම සඳහා ඉන්ධන නොමැති බව තමන්ට දැනුම් දුන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව ඔවුන්ට ලැගුම් ගැනීමට හෝටලයක් වෙන්කර දෙන ලෙසට තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද පවසා සිටියා.

මන්ත්‍රීවරුන්ට විවිධ ඉන්ධන පිරවුම් හල් වෙත ගොස් ඉන්ධන ලබාගැනීමේදී ආරක්ෂාවේ ගැටළුවක් ඇතිවේ යැයි දැනුම් දුන් බවද කතානායකවරයා මීට පෙර සදහන් කළා.

ඒ අනුව නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසය තුළ ඇති ඉන්ධන හලෙන් මන්ත්‍රීවරුන්ට පමණක් ඉන්ධන ලබාගැනීමට මන්ත්‍රීවරුන්ට පහසුකම් සපයන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණා.


RECENT ARTICLES - SINHALA

පලිබෝධනාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්

මෙවර යල කන්නය සඳහා  දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම  ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ...

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

අධික වැසි සමග කැළණි, කළු, ගිං, සහ නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි කාලසීමාව තුළදී සැළකිය...

බීඩිකොළ සමඟ ලොරියක් පැහැරගත් පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

පුත්තලම නගරයේදී දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්දියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...