26 C
Colombo
Wednesday, February 19, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් 121 ට ඉන්ධන?

- Advertisement -

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඇති ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට ඊයේ සිට පහසුකම් ලබාදී තිබෙන බව පොලිස්පති නිල කාර්යාලය නිවේදන කළා.

ඒ අනුව ඊයේ සවස සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම ස්ථානයට පැමිණ තම තමන්ගේ සුපිරි රථවලට ඉන්ධන පුරවාගෙන යන ආකාරය දක්නට ලැබුණා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉන්ධන ලීටරය රුපියල් 121 ක අගයකට ඔවුන්ට ලබාදෙන බවට අදාළ ඉන්ධන පොම්පයේ තිරය මත සටහන්ව තිබීමයි.

මේ සම්බන්ධයෙන් මහජනතාව මේ වන විට දැඩි ලෙස ප්‍රකෝප වී සිටිනවා.

මන්ද මේ වන විට සිපෙට්කෝ ආයතනය පෙට්‍රල් ලීටරයක් රුපියල් 338 කටද ඩීසල් ලීටරයක් රුපියල් 289 කටද අලෙවි කරමින් සිටින නිසායි.

කෙසේවෙතත් මේ පිළිබදව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ කිසිදු මන්ත්‍රීවරයෙකුට හෝ කිසිදු පාර්ශවයකට මේ වන විට සහනාධාර මිලකට ඉන්ධන ලබා නොදෙන බවයි.

මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මහජනතාවගේ කෝපය හා කළකිරීම තමන්ට තේරුම් ගත හැකි වුවත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවද අමාත්‍යවරයා සදහන් කරනවා.

නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඇති ඉන්ධන පිරවුම්හලෙ සටහන්ව ඇති එම මිලගණන් පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් මේ වන විටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදුන් බවත් ඒ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES