27.9 C
Colombo
Sunday, April 28, 2024

මාවනැල්ලෙන් අතුරුදහන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනේ

- Advertisement -

මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ ගල් කෝරියකින් අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය පේරාදෙණිය – තලවත්ත ප්‍රදේශයේ තිබි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාල පුපුරණ ද්‍රව්‍ය අතර ඇමෝනියම් නයිට්‍රේට්, වෝටර් ජෙල්, සේවා නූල් ඩෙටනේටර්ස්, බීම් යනාදිය තිබූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.

පළමු සැකකරු ලෙස මීට පෙර එම ගල් කෝරියේ සේවයේ නියුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු එම සිදුවීමට ඍජු සම්බන්ධයක් ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ලද තොරතුරු මත සෙසු සැකකරුවන් තිදෙනා අද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ.
කෙසේ වෙතත් මෙම සිදුවීමට කිසිදු ආකාරයක අන්තවාදී හෝ ත්‍රස්තවාදී සංවිධානවල කිසිදු සබඳතාවයක් නොමැති බවට අනාවරණය වී ඇති බවද ඔහු සදහන් කළා.
වෙනත් ගල් කොරි පවත්වාගෙන යන අයට අලෙවි කිරීම සදහා මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොරාගෙන ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...