29 C
Colombo
Saturday, May 4, 2024

බලාගාර ගැන මෝදිගේ නම කියපු සිදුවීම නිසා ඉදිරි තෙල් සැපයුම කොට උඩ

- Advertisement -

ඉන්දියානු ණය ආධාර පදනම යටතේ මෙරටට ලැබීමට නියමිත අවසන් ඉන්ධන නැව ගොඩබෑමෙන් අනතුරුව එළැඹෙන 17 වනදායින් පසුව මෙරටට ඉන්ධන ලබාගැනීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බරපතල තත්ත්වයකට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වන එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සිදුකළ ප්‍රකාශයත් සමඟයි.

එහිදී ඔහු සඳහන් කළේ ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා විසින් මන්නාරම සුළං විදුලි බලාගාරය අදානි සමාගමට ලබාදෙන ලෙස තමන්ට බලකර සිටින බවට ජනාධිපතිවරයා පැවසූ බවයි.

මෙම ප්‍රකාශයත් සමඟ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය මේ වන විට දෙදරා යන තත්ත්වයට පත්ව තිබෙනවා.

ඒ අනුව ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීමට මෙරට හා ඉන්දියාව අතර පසුගිය 12 වනදා පැවැත්වීමට තිබූ සාකච්ඡාවද අවලංගු කිරීමට ඉන්දීය බලධාරින් කටයුතු කර තිබුණා.

අදානි සමාගමද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තු වන සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව ඇති වී තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව ඇති බවයි.

මේ අතර ඉන්ධන අඛණ්ඩව ලබාදීමට තීරණය කළත් එලෙස ඉන්ධන සැපයීමට හැක්කේ දැන් තිබෙන ඉල්ලුමෙන් 50%ක් සඳහා පමණක් බව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ()14) සඳහන් කළා.

ඒ අනුව දැනට තිබෙන ඉන්ධන තොග දින 7කට භාවිත කළ හැකි බවත් ඉන් පසු ඉන්දීය ණය ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව තවත් මාස 4කට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාවට ලැබෙන බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කළා.

මේ අතර හෙට (16) දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හා ඉන්දීය අදානි සමාගමට විරෝධය පලකරමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධතාවයක නිරතවීමට සූදානම්වී සිටිනවා.

මෙරටින් ඉන්දියාවට ලැබෙන සෘණාත්මක ප්‍රතිචාරත් සමඟ ඉන්දීය ණය ආධාරය තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාව කටයුතු කරන්නේද යන්න අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...