32 C
Colombo
Wednesday, May 15, 2024

ශ්‍රී ලංකාවෙ ජනගහනයෙන් 22% කට අවම පෝෂණයවත් නෑ..! – UNWFP

- Advertisement -

මෙරට තුල උග්‍ර වෙමින් පවතින ආහාර අර්බුදය හමුවේ මානුෂීය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන තීරණය කර තිබෙනවා.

එම ආයතනය සිදුකළ නිරීක්ෂණවලදී හෙලිදරව් වී තිබෙන්නේ මෙරට ජනගහනයෙන් 22% කට වැඩි ප්‍රමාණයකට අවම පෝෂණය සහිත ආහාර හෝ ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

සිදුකර ඇති සමීක්ෂණවලට අනුව රටේ ජනතාවගෙන් 86% කට වැඩි පිරිසක් ආහාර සපයා ගැනීමේ අර්බුදයට මුහුණ දී සිටී. ආහාර ගන්නා ප්‍රමාණය අඩු කිරීම, පෝෂ්‍යදායී ආහාර වෙනුවට කුමන හෝ දෙයක් ආහාරයට ගැනීම, දෛනිකව ලබා ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කිරීම වැනි විසඳුම්වලට යාමට ඔවුන්ට සිදුව ඇති බවද ලෝක ආහාර වැඩසටහන පවසනවා.

මෙරට ජනතාවගෙන් ආහාර සපයා ගැනීම බරපතල ගැටලුවක් වී ඇති ලක්ෂ 30 කට පහසුකම් සැපයීමට ලෝක ආහාර වැඩසටහන තීරණය කර ඇති අතර මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60 ක් අවශ්‍ය වන බවයි එම ආයතනය පවසන්නේ. එම ජනතාවට ආහාර මිලදී ගැනීම සඳහා වවුචරපත්, ආහාර හෝ මුදල් ලබාදීමට එම ආයතනය සැළසුම් කර තිබෙනවා. මෙම වසරේ ජුනි – දෙසැම්බර් කාලය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මේ යටතේ ඔවුන්ගේ මූලික අවධානය යොමුව තිබෙන්නේ ගර්භනී කාන්තාවන් වෙතයි. ගැබිණි මව්වරුන්ට දිනපතා පෝෂ්‍යදායී ආහාර ලබා දිය යුතු නමුත් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල ගර්භනී කාන්තාවන්ට එම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී තිබේ. මෙම තත්වය මත මව්වරුන් පමණක් නොව කුස තුළ සිටින දරුවාගේද සෞඛ්‍ය තත්වය අවදානමට ලක්වන බව ලෝක ආහාර වැඩසටහන පවසනවා.

මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් ගර්භනී කාන්තාවන් පිරිසකට මාසිකව රුපියල් 15,000 ක වටිනාකමින් යුක්ත වවුචර්පත් ලබාදීම සිදු කෙරේ.


RECENT ARTICLES - SINHALA

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...

ශම්මිට වාරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්තට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති හා ශ්‍රී...

ලාල් සහෝදරයට වචනෙක පොඩි වරදක් වුණා – නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී ලාල්කාන්ත මහතා ඉකුත් මැයි පළමුවෙනිදා සිදුකළ ප්‍රකාශයකදී වචනයක සුළු වරදක් සිදු වූ බව එම පක්ෂයේ ජාතික විධායක...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...