25 C
Colombo
Monday, April 29, 2024

පෙට්‍රල් යැයි පවසා මුත්‍රා අලෙවි කරලා..!

- Advertisement -

ඉන්ධන යැයි පවසමින් මුත්‍රා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මීගමුවෙන් වාර්තා වනවා.

ඉන්ධන නොමැතිව මහමඟ පීඩාවට පත්වී සිටි යතුරුපැදිකරුවෙකු පසු එය තල්ලු කරමින් ඉන්ධනහලක් වෙත ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයෙකු ඉන්ධන අවශ්‍ය දැයි විමසා තමන් සතුව ඉන්ධන ඇති බව පවසා 1,000කට ඉන්ධන මිලිලීටර් 375ක පමණ ප්‍රමාණයක් ලබාදීමට එකඟ වී ඔහු විසින්ම අදාළ යතුරුපැදිකරුගේ යතුරුපැදියට දමා තිබෙනවා.

පසුව අදාල ගෙවීම කිරීමට ඉන්ධන ලබාගත් පුද්ගලයා විසින් රුපියල් 5,000ක නෝට්ටුවක් ලබාදී ඇති අතර එම නෝට්ටුව අතට ගත් පුද්ගලයා ඉතුරු මුදල් ලබා ගැනීමට අසල පිහිටි අලෙවි සැල වෙත පැමිණෙන ලෙසට පවසා වේගයෙන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.

අදාළ වංචාව සිදුකළ පුද්ගලයා ‘බල්ලා’ ‍යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන, එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ වංචාකරුවෙකු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...