27 C
Colombo
Tuesday, May 7, 2024

වැ.බ.ජ.ගෙන් සහන මල්ලක්..! – අගෝස්තු මාසයේ තවත් සහන

- Advertisement -

දැඩි ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී වැඩබලන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉන්ධන,ගෑස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බැවින් ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට තමා තීරණය කර තිබෙන බවයි.

ඊට අමතරව ලබන අගෝස්තු මාසයේ දී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ද ජීවන බර අඩු කර සහන සැලසීම සඳහා තවත් අතිරේක මුදල් යෙදවීමට ද ඔහු තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව හා කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමුවී ඇති අතර, එමෙන්ම, ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරදීම කෙරෙහි ද ⁣මෙම සාකච්ඡාවේදී යෝජනාවී තිබෙනවා.

සාමකාමී අරගල නායකයින් විසින් භාරදී ඇති යෝජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය ⁣හොඳ යෝජනාවක් ලෙස පිළිගන්නා බවත් දූෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම්දෙන බවත් වැඩබලන ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

වැලිගම ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් මරණයක්

වැලිගම පොලිස් වසමේ, රාජගල, වැලිගම ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වනවා. ඊයේ (06) රාත්‍රී 11.30ට පමණ මියගිය කාන්තාව රැඳී...

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට එරෙහිව පෙත්සම් 3ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක්...

නාට්ටාමින්වරුන්ට අලුත් වාහනයක්

පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින්වරුන් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...