29.3 C
Colombo
Tuesday, April 30, 2024

මාසෙට දෙපාරක් ඉන්ධන මිල සූත්‍රය යළිත් – ඇමති කංචන

- Advertisement -

සෑම මසකම පළමු වනදා සහ 15 වනදා හෝ මසකට එක්වරක් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මේ වන විට පවත්නා තත්ත්වය අනුව ඉන්ධන මිල පහළ යෑමේ හැකියාවක් පවතින බවයි.

ප්‍රශ්නය – මැති සබයේ ඡන්දයක් පැවැත්වීමට ඔන්න මෙන්න තිබෙද්දි රනිල් වික්‍රමසිංහ මහතා රු 10කින් රු 20කින් ඉන්ධන මිල පහත දැමුවා.

“ඒක වැරදියි. අපි සති දෙකකට හෝ මාසයකට වතාවක් ඉන්ධන මිල වෙනස් කරන්න තමා අපි තීන්දු කරලා තිබුණේ. මිල සුත්‍රයක් තියෙනවා. හැම මාසයේ ම 1 වනදා රාත්‍රීයේ සහ 15 වනදා රාත්‍රීයේ. මේ දින දෙකේ තමා අනිවාර්යයෙන්ම මිල සංශෝධනය වෙන්නේ. බොහෝ දුරට අපිට පේනවා මිල අඩුවේගන යන ප්‍රමාණයක් පේනවා. ඒ නිසා මම හිතනවා ඊළඟ මිල සංශෝධනය ඇතුළෙත් යම්කිසි අඩුවීමක් සිදුවෙයි කියලා. සියලුම ත්‍රීරෝද රථහිමියන්ට අද අපි පොලීසිය දැනුවත් කරලා තියෙන්නේ සියලුම පොලිස් ස්ථාන වෙත තමන්ගේ පොලිස් ස්ථානයට ගිහින් ඉදිරි දින කිහිපය තුළ ලියාපදිංචි වෙන්න. ඒ ලියාපදිංචි වෙද්දි ඔබේ ආසන්නම ඉන්ධන පිරවුම්හල මොකද්ද කියන එකත් දැනුවත් කරන්න. ඉදිරියේ දී අපි වෙන්කරනවා එයා ලියාපදිංචි වෙලා ඉන්න පිරවුම්හලෙන් විතරයි ඉන්ධන ලබාගත හැක්කේ. නැත්නම් මේක පාලනය කරන්න බැරිවෙනවා.”


RECENT ARTICLES - SINHALA

විදුලි බිලට ලොකු සහනයක්

විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ උමා ඔය ව්‍යාපෘතියෙන්...

එයාලට ඡන්දේ දාන්න කියලා මම කිව්වෙ නැහැ-කාදිනල් හිමි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ පැවති කල්තැබිමේ විවාදයේදී පළවු අදහස් සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කර...

පොලීසියට අල්ලස් දෙන්න ගිය කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දකුණ මූලස්ථාන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...