29 C
Colombo
Saturday, July 27, 2024

වැඩියෙන් ගෙව්වායැයි මහ බැංකුව මුදල් හුවමාරු කරන ප්‍රසිද්ධ ආයතනයක බලපත්‍රය අත්හිටුවයි

- Advertisement -

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය‍ දෙපාර්තමේන්තුව විසින් 2022.03.31 දින සිට ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාග‌ම වෙත ලබාදී තිබූ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මහබැංකුව පවසන්නේ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ‌ගෙන 2022.03.30 වන දින එම සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකර මෙම තීරණය ගත් බවයි.

අදාළ ස්ථාන පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබාදී එම සමාගම විදේශ මුදල් මිලදී ගන්නා බවයි.

මේ හේතුව නිසා විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාග‌ම වෙත ලබාදී තිබූ බලපත්‍රය තාවකාලිකව අත්හිටවූ බව මහබැංකුව නිවේදනය කරනවා.

මෙම බලපත්‍රය අත්හිටුවා ඇති කාලසීමාව තුළ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාග‌මට තවදුරටත් බලයලත් මුදල් හුවමාරු කරන්නෙකු ලෙස මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල යෙදීමට අවසර නොමැති බව මහබැංකුව පවසනවා.

එබැවින් එම කාලය තුළ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාග‌ම සමඟ කරන ඕනෑම ගනුගෙනුවක් විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් බවට මහබැංකුව විසින් මහජනතාව දැනුවත් කරනවා.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...