24 C
Colombo
Sunday, December 10, 2023

රට වසා තිබියදි මහනුවර පෙරහැරේ ගිය 45 කට කොරෝනා

- Advertisement -

මහනුවර දළදා පෙරහැරට සහභාගීවූ නැටුම් කණ්ඩායමක පුද්ගලයින් 45 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

කතරගම දේවාලය නියෝජනය කරමින් දළදා පෙරහැරේ ගිය කලාකරුවන් 76 දෙනෙකුට සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් අනතුරුව එම පුද්ගලයින්ගෙන් 45 දෙනෙකු ආසාදිතයන් බවට හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

හතරවන රන්දෝලි පෙරහැර නිමාවීමෙන් අනතුරුව ඔවුන්ට සිදුකල ඇන්ටිජන් පරික්ෂාවේදී මෙම ආසාදිතයන් හදුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මහනුවර ජාතික රෝහල සහ මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය විසින් පෙරහර මංගල්‍යයට සහභාගී වන සියලු කලාකරුවන් දෛනිකව ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරනු ලබනවා.

කෙසේ වෙතත් මුහුණු ආවරණයක් හෝ නොමැතිව ඇතැම් නර්තන කණ්ඩායම් පෙරහැරේ යන ආකාරය අප මීට පෙරද වාර්තා කළා.

එමෙන්ම රට වසා තිබියදී හා සියලු ආගමික උත්සවද තහනම් කර තිබෙන තත්ත්වයකදී දළදා පෙරහැර පමණක් විශේෂ අවසරයක් මත පැවැත්වීමට බලධාරීන් අවසර ලබාදී තිබෙනවා.

අද (22) දිනයේ අවසන් රන්දෝලි පෙරහැර විදි සංචාරය කිරීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...