30 C
Colombo
Wednesday, May 15, 2024

ජනාධිපති මන්දිරයේ තිබූ මුදල් භාරදීමේදී දේශබන්දු අඩුපාඩු කරලා

- Advertisement -

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් සිදුවූ නීතිමය කටයුතු වලදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද සාගර විලේගොඩ ලියනගේ අතින් අඩුපාඩු සිදුවී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අද (11) වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සදහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් සිදුවූ අඩුපාඩු ගැන ඔහුගේ විනය බලධරයා වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පොලිස්පතිවරයා හරහා ලිපියක් යැවීමට බලාපොරොත්තු වන බවත්, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටවුවහොත් දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් එම කොමිසමට ලිවීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම පොලිස් තොරතුරු සටහන් පොතේ කොල කිහිපයක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන අරගලයකින් පසු ජූලි නව වැනිදා ජනාධිපති මන්දිරයෙන් පැන ගිය පසු පුරවැසියෝ විශාල පිරිසක් එම මන්දිරය අත්පත් කර ගැනීමට කටයුතු කළා.

එහිදී ජනපති මැදුරේ සඟවා තිබූ රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදලක් තරුණයන් හතර දෙනකු විසින් සොයාගැනීමෙන් අනතුරුව එම මුදල් පොලිස් විශේෂ කාර්ය බලකාය ඉදිරිපිටදී කොටුව පොලිස් ස්ථානාධිපතිට බාරදීමට කටයුතු කළ අයුරු මාධ්‍ය වාර්තා කළා.

අධිකරණයේදී අද කියැවුණේ එම සිදුවීමට සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇගයීමට ලක්කරමින් මුදල් ත්‍යාගද පිරිනමා ඇති බවයි.

එම අවස්ථාවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්‍රකාශ කළේ එම මුදල් සොයා දුන් තරුණයන් පිරිස සැකකරුවන් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

මෙලෙස තරුණයන් විසින් සොයා දෙනු ලැබූ මුදල් ඇමති ටිරාන් අලස්ට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව ස්ථානාධිපතිට බලපෑම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණයෙන් කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය ආරම්භ කර තිබුණා.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අතින් සිදුවූ අඩුපාඩු සම්බන්ධයෙන්ද පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දෙන බවට අධිකරණයේදී ප්‍රකාශ වූවා.

එම මුදල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී හමු වූ අතර අල්ලසක් ලෙස හෝ වෙනත් කරුණක් සදහා එම මුදල් ලැබුණනේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ මුදල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොටුව පොලිසියට නියෝග කළා.

එහිදී හිටපු ජනාධිපතිවරයා මිරිහාන පිහිටි නිවසේ නොමැති බවට පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර විමර්ශන සදහා හිටපු ජනාධිපතිවරයා සිටින නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

මෙම නඩුවට අදාළව නීතිඥ නුවන් බෝපගේ 59 වන සැකකරු ලෙස නම් කරන බව පොලීසිය මෙහිදී ප්‍රකාශ කළා.


RECENT ARTICLES - SINHALA

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මිලියන 9ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් ඇවිත්

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ...

මහජන උපයෝගිතා කොමිසමේ ලොක්කෝ එළවන්න සේවකයෝ පාරට බැහැලා

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වත්මන් සභාපති ඇතුළු සාමාජිකයින්ගේ ධූර කාලය දිගු නොකරන ලෙස ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ආණ්ඩුක්‍රම ව්‍යස්ථා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...