32 C
Colombo
Sunday, June 4, 2023

මීගමුව ජයරත්න මල්ශාලාවේ නඩුවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පෙනී සිටියි

- Advertisement -

මීගමුව තලාදූව ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශයක ඉදිකිරීමට සූදානම්වන ජයරත්න මල්ශාලාවේ ශාඛාවට ප්‍රදේශවාසීන් විසින් දැඩිව විරෝධය පලකර තිබෙනවා.

ප්‍රදේශාවසීන් පවසන්නේ නිවාස රැසක් පවතින මෙම ප්‍රදේශය මධ්‍යයේ මල් ශාලාවක් සෑදීම කිසිසේත් නුසුදුසු ක්‍රියාවක් වන බවයි.

මීට අදාළව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති අතර එම නඩුව ඊයේ (26) දිනයේ විභාගයට ගැණුනා.

එහිදී විත්තිකාර පාර්ශවය වන ජයරත්න මල්ශාලාව වෙනුවෙන් පෙනී සිටීමට මීගමුව අධිකරණයට පැමිණ ඇත්තේ හිටපු නීතිපතිවරයා වන දප්පුලද ලිවේරා මහතායි.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් පැමිණිලි පාර්ශවයේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ ජනාකීර්ණයක් වන මෙම ප්‍රදේශයේ මල් ශාලාවක් ඉදිකිරීම තුළින් මහජනතාවට නිතර දක්නට ලැබෙන්නේ ඔවුන් දැකීමට අකමැති දුක්බර දේවල් බවත් එය දණ්ඩ නීති සංග්‍රහයේ 98 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් ඇතිකරන වරදක් බවයි.

ඊට එරෙහිව කරුණු දක්වමින් හිටපු නීතිපති දප්පුලද ලිවේරා මහතා අධිකරණය ඉදිරියේ පෙන්වාදී ඇත්තේ තවමත් කිසිදු ඉදිකිරීමේ කටයුත්තක් හෝ සිදුනොවුන ස්ථානයකින් මහජන පීඩාවක් ඇතිවන්නේ කෙසේද යන්නයි.

එබැවින් මෙම පැමිණිල්ල නිෂ්ප්‍රභා කරන ලෙස ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මියගෙන් ලැබුණු අවසරය මත ප්‍රදේශවාසීන්ද අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් මෙම අවමංගල්‍ය ශාලාව ඉදිකලහොත් ඇතිවන මහජන පීඩාව පිළිබදව කරුණු දැක්වූවා.

කෙසේ වෙතත් දප්පුලද ලිවේරා මහතා අධිකරණය තුළ ශබ්දයෙන් කෑගසමින් ඔහුගේ සුපුරුදු විලාශයෙන් ඊට විරෝධය දක්වා කරුණු දක්වා තිබෙනවා.

දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධූරය දරන සමයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නව තනතුරක් ඇතිකරනු ලැබූවා.

ඒ නීතිපති මාධ්‍ය සම්බන්ධීකාරක තනතුරයි.

එම තනතුර සදහා ජ්‍යෙෂ්ඨ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පත්කරනු ලැබූ අතර ඇය ජයරත්න මල්ශාලාවේ හිමිකරු වන ගාමිණී ජයරත්න මහතාගේ දියණියයි.


RECENT ARTICLES - SINHALA

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...