29.4 C
Colombo
Friday, April 26, 2024

රනිල්ට මාස දෙකක් දීලා, බැරිනම් රට දෝතට ගමු – රතන හිමි

- Advertisement -

රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට මාස දෙකක කාලයක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, අතුරලියේ රතන හිමි නැවතත් පවසනවා.

ඒ, පෙරේදා (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එසේ ඉඩ ලබා දීමක් සිදු නොකළහොත් රට අරාජික වනු ඇති බවයි රතන හිමියන් පවසන්නේ.

“මහජනයාට මේ සහන දෙන්න පුළුවන්, ඒකට මාස දෙකයි යන්නෙ. තවමත් මේ කෙටිකාලීනව දෙන්න ඕනෙ විසඳුම හදලා නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට දැන් කාලයක් වැඩකරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම එතුමා ගැන කිව්වොත් අපට එතුමා ආපු ගමන්ම ගෝ හෝම් කියන්නෙ නැතුව, රට අරාජික කරන්නෙ නැතුව අපි බලමු මාස දෙකක්. ඒ මාස දෙක ඇතුළේ එතුමා ඒ වැඩේ හරියට කරන්නෙ නැත්නම්, එතුමාට කරන්න බැරි නම් අපේ රට අපට ඕනෙ, අපේ රට අපි ගොඩනගන්න ඕනෙ, දරුවන් ඉස්කෝලෙ යන්න ඕනෙ, ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික තියෙන්න ඕනෙ. ඔහුට කරන්න බැරි නම් මේ රට අපේ දෝතට ගන්න ඕනෙ. මහජන අරගලයට ඉන් පස්සෙ එකතුවෙන්නෙ අපි”


RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...