29.4 C
Colombo
Friday, April 26, 2024

අගමැතිගේ ආරාධනාවට ‘ගෝඨාගෝ ‘ ගමෙන් පිළිතුරු

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (13) නිවේදනයක් නිකුත් කරමින් ගාලු මුවදොර සිට අඛණ්ඩ විරෝධතාවයේ නිරත පිරිස් වෙත සාකච්ඡාවක් සඳහා ආරාධනා කර තිබුණා.

ඊට පිළිතුරු ලිපියක් යවමින් එම පිරිස පවසා සිටින්නේ මූලික කරුණු දෙකක් ඉටුවූ පසුව පමණක් ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

එම ඉල්ලීම් නම්,

  1. මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් විය යුතුය.
  2. මහින්ද රාජපක්ෂ වන ඔබ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ පවුලට අයත් සියලු දෙනා (චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක ඇතුළු) ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුය.

එම කරුණු දෙක ඉටුවීමෙන් තොරව කිසිදු සාකච්ඡාවක් සදහා ‘ගෝඨාගෝ ‘ ගම නම් ස්ථානයේ විරෝධතාවයේ නිරත පිරිස් කිසිදු සාකච්ඡාවකට එකඟ නොවන බවත්, එම ඉල්ලීම් ඉටු නොවන තත්ත්වයක් තුළ කිසියම් පාර්ශවයක් ආණ්ඩුව සමඟ සාකච්ඡාවකට එන්නෙ නම් ඔවුන් මෙම ස්ථානයේ විරෝධතාවයේ නිරත පාර්ශවයක් නොවන බවත් අදාළ ලිපියේ සදහන්.

අදාළ මූලික ඉල්ලීම් දෙක ඉටුවන තුරු ‘ගෝඨාගෝ ‘ ගම නම් ස්ථානයේ සිදුකරන අරගලය අඛණ්ඩව සිදුකරන බවත් ලිපියේ වැඩිදුරටත් සදහන්.


RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...