28.4 C
Colombo
Wednesday, July 9, 2025

ශ්‍රී ලංකාවට උදව් ඉන්දියාවෙන් විතරයි; චීනය ගොළු වෙලා – USAID

- Advertisement -

ශ්‍රී ලංකාව අවැසි මොහොතේ මනා සහයක් ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්වූ නමුත් ශ්‍රී ලංකාව සහනයක් පතා සිදුකළ ආයාචනය සම්බන්ධයෙන් චීනය මුනිවත රකිමින් සිටින බව අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතන පරිපාලන ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසනවා.

ඉන්දියාවේ සංචාරයක නිරත සමන්තා පවර් මහත්මිය ඊයේ නවදිල්ලි නුවර තොරතුරු තාක්ෂණ ආයතනයේ උත්සවයකට සහභාගි වෙමින් මේ බව පැවසීය.

SAID හි පරිපාලන ප්‍රධානී සමන්තා පවර් විවිධ අවස්ථාවලදී මෙරටට උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති අතර දිවංගත මංගල සමරවීරගේ සමීප හිතවතියක් ද වනවා.

මේ අතර, මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා චීනයෙන් ලැබෙන සහාය සම්බන්ධයෙන් ලක් රජය සිය කෘතඥතාවය පළකරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන පවසනවා.

චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් තානාපතිවරයා සඳහන් කර ඇත්තේ චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් බටහිර රටවල් විවිධ දේශපාලන අරමුණු මත පදනම්ව ප්‍රකාශ සිදුකරන බවයි. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේදී ම චීනයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු අනාවරණ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES