30 C
Colombo
Thursday, May 2, 2024

මම තිළිණිව දන්නෙත් නෑ, දැකලත් නෑ මල්ලි..! – රන්ජන්

- Advertisement -

තමා තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව නොහඳුනන බව ජනප්‍රිය චිත්‍රපට නළු රන්ජන් රාමනායක පවසනවා.

ඒ, මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව රුපියල් කෝටි 7ක මුදලක් ආයෝජනය කළ බවට රන්ජන් රාමනායක මහතා වෙත එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමක දී අදහස් දක්වමින්.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාමනායක,

“තිලිණි ප්‍රියමාලි කියන කාන්තාව මම දැකලත් නැහැ කතා කරලත් නැහැ. අඳුනන්නෙත් නැහැ. අනික මං අවුරුද්දයි මාස හතයි දවස් දාහතරක් හිරේ හිටියේ. ඒ නිසා මේ කාන්තාව එක්ක බිස්නස් කර කියන චෝදනාව මට එල්ල කරන්න බැහැ. මේ කාන්තාව එක්ක බිස්නස් කරානම් මං සීඅයිඩී එකෙන් හරි පොලිසියෙන් හරි දැනුම් දීමක් කරන්න ඕනේ කටඋත්තර දෙන්න එන්න කියලා. මේ වෙනකල් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. ඒ නිසයි මම නිහඬව හිටියේ.

පිටරට ඉඳලා ක්‍රියාත්මක වන මඩ වෙබ් සයිඩ් කීපයකින් තමයි මේ මඩ ප්‍රචාර මට එල්ල කරන්නේ. මේ කාන්තාව නිෂ්පාදනය කරන්න හදපු චිත්‍රපටයේ මුහුරත් උළෙලට මම ගියේ නැහැ. මගේ වෙලාවට ඒ මුහුරත් උළෙල පැවැත්වෙන කොට මම හිටියේ හිරගෙදර. ඒ නිසා මට එල්ල වන චෝදනා සේරම පදනම් විරහිත ඒවා.”


RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...