ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට ජනාධිපති ධූරයේ තමන් සිටියේ නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කුඩුවෙන්නට පහරදී, නිරුවත් කර දමන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පවසන්නේ අරගලකරුවන් ගෝත්‍රිකයන් මෙන් එළවා දැමූවේ ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ලබාගත් ජනාධිපතිවරයා බවයි.
තමන් ජනාධිපතිව සිටියේ නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාව දැක්වූ පළමු දවසේම පහරදී නිරුවත් කර ඇයට මතක හිටින පාඩමක් උගන්වා ගෙදර යවන බවද සනත් නිශාන්ත මහතා මෙහිදී සදහන් කර තිබෙනවා.
එමෙන්ම ව්‍යවස්ථාවට අනුකූල වුවද මේ වන විට පත්ව තිබෙන්නේ ජනවරමක් නොමැති ජනාධිපතිවරයෙක් බව පෙන්වා දෙන සනත් නිශාන්ත මහතා පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නැවතවරක් මෙරට තරුණ තරුණියන් පිරිසක් බිළිදීමට සූදානම්ව පවතින බවයි.
