30.3 C
Colombo
Friday, April 26, 2024

පැන්ඩෝරා පත්‍රිකාවල නිරූපමා රාජපක්ෂගේ නම හෙළිවී මාස 3 ක්

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේත් ඥාති සොහොයුරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකා වල සඳහන් වී මාස 3 ක් ගතව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළව ඇයට හෝ ඇයගේ සැමියා වන තිරු නඩේසන් මහතාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් ක්‍රියාත්මක වී නැහැ.

තිරුකුමාර් නඩේසන් මහතා සමග එක්ව නිරූපමා රාජපක්ෂ මහත්මිය ව්‍යාජ සමාගමක් (shell company) පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා වල සඳහන්ව තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 4 වන දින අදාළ අනාවරණය සිදුවූ අතර ඉන් අනතුරුව ඉන් දින දෙකකට පසුව පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළා.

ඉන් මසකට වැඩි කාලයකින් අනතුරුව පසුගිය වසරේ නොවැම්බර් මස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් පමණක් ජනාධිපතිවරයාට ලබාදී තිබුණා.

සිදුවීමට මාස 3 ක් ගතව තිබුණද මෙතරම් දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තවමත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන කල්මැරීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...