අභාවප්‍රාප්ත වූ ලක්ෂ්මන් විජේසේකර කලාකරුවා වෙනුවෙන් සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයින් ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.
ආදරණීය ලක්ෂ්මන්,
1969 අග භාගයේ දිනක ‘රජයේ සංගීත විද්‍යාලය’ට ඇතුලත් වීමේ පරීක්ෂණයට ආපු සියගණනක් තරුණ තරුණියන් අතරින් උඹත් මමත් එක් නිමේෂයක් තුලදී සමීපතම මිතුරන් බවට පත්ව දැඩිව අත් අල්ලා ගත්තේ මට හිතෙන විදිහට සංසාරගත බැදීමකින් විය යුතුයි.
අපේ හිත් පතුලටම පාරවමින් ‘මේ විදිහට’ ‘මේ තරම්’ ඉක්මණින්ම මෙලොව අතහැර යන තෙක්ම උඹ මගේ එකම ‘බඩ බැදගත්’ මිතුරා වුනා නේද? වචනවල පරිසමාප්තාර්ථයෙන්ම අව්‍යාජ,පිවිතුරු,අවංක,විවුර්ත,හර්දයංගම ගමන් සගයෙකු එදාමෙදා තුර මට ලැබීම මා පූරුවේ කළ පින් මහිමයකින් සිදු වූවක්.
සංගීත ලොවේ එක්ව ආ 52 වසරක දිගු ගමන තුල අපි එකිනෙකාට හදවතින්ම ලෙන්ගතු වෙමින් ,ආශීර්වාද දෙමින් ඇප උපකාර වෙමින්,ධහිර්‍ය දෙමින්,දුකසැප බෙදා ගනිමින්,මෙන්ම දෙදෙනාගේම ජග්‍රණයන් එකසේ අගයමින් හා හැලහැප්පීම් වලදී එකිනෙකා රැකගනිමින් පසුකළ ඒ සුන්දර යටගියාව මෙනෙහිවද්දී මගේ නෙත් වලින් නිරායාසයෙන් ගලායන කදුළු නවතාගන්නට ‘සංවේදී මිතුරෙකු’ ලෙස මට හැකියාවක් නෑ මචං.
උඹෙන් මම ඉගෙනගත්තු දේ බොහෝමයි.ඒවා කිසියම් ප්‍රමාණයක් හුරුකර ගන්නට මං උත්සාහ කලත්, උඹ වගේ ඒ උතුම් ගතිගුණ හැම එකක්ම එකම විදිහට ප්‍රායෝගිකව පිළිපදින්නට මට බැරිවුනා කියන්න මම ලැජ්ජා වෙන්නෙ නෑ.
ඒවා තමයි , උඹ තුල තිබුනු පරාර්ථකාමීත්වය,පරිත්‍යාගශීලී බව, උපේක්ෂාව, කෘතවේදීත්වය,අන්‍යෝන්‍ය අවබෝධය, රිජු බව, අල්පෙච්ඡතාව, සමානාත්මතාව, දරාගැනීමේ හැකියාව, හා හර්ද සාක්ෂිය සමග ජීවත් වීම වගේ උතුම් ගුණාංගයන්.
උඹ වගේ උතුම් මිතුරෙකුට මම අජරාමර නිවන් සුව අත්වේවා කියල කෙලින්ම පතන්නෙ කොහොමද?
බණ දහම් ගැඹුරට හදාරන ඇතැම් අය මෙන් බැදීම් අත් හරින්න තරම් මම හිත දියුණු කර නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ දෙසූ පුනරුත්පත්තිය අනුව උඹ ජාති ජාතිත් මගේම මිතුරා වී ඉපදියන්
අවසානයේ යම් භවයකදී අප දෙදෙනාම එක්ව බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරමු.