28.9 C
Colombo
Saturday, April 27, 2024

ජනතාව කොවිඩ් සමයට වඩා දැන් දුක් විඳිනවා..! – වෛද්‍යවරුන්

- Advertisement -

රටේ ජනතාව මේ වන විට කොවිඩ් තත්වය නිසා දුක් විඳි ප්‍රමාණයටත් වඩා වඩා අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා.

ඒ, ඉන්ධන හා ඖෂධ හිඟය හේතුවෙන් සෞක්‍ය සේවය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය ගැන ඊයේ (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින්

එවැනි තත්ත්වයකට මෙරට පත් විය යුතු නැති බවත් වහාම සෞඛ්‍ය සේවය පවත්වාගෙන යා හැකි වැඩපිළිවෙලක් දේශපාලන අධිකාරිය විසින් සකස් කළ යුතුව ඇති බව‍යි ඔහු අවධාරණය කරන්නේ.

මෙම ඉන්ධන හා ඖෂධ හිඟය හේතුවෙන් රෝහල් කිහිපයක කටයුතු අඩාල වී තිබෙන බවත් කොළඹගේ මහතා පෙන්වා දෙනවා.

සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටුණොත් රටම බිඳ වැටෙන බව දේශපාලන අධිකාරිය වැටහ ගත යුතු අතර මෙය වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාව ඉල්ලීමක් නොව සමස්ත සෞඛ්‍ය සේවයම පවත්වාගෙන යාමට වැඩපිළිවෙලක් සෑදිය යුතු බවට කෙරෙන යෝජනාවක් ඔහු සඳහන් කරනවා.

නමුත් ,ප්‍රමුඛතාවට අවශ්‍ය වැඩපිළිවෙල සකස් වී නොමැති අතර එමඟින් සමස්ත රෝගීන්ගේ ජීවිත අර්බුදයට ලක්ව තිබෙන බවත් මෙහි වගකීම දේශපාලන අධිකාරිය සහ රජය භාරගත යුතු බවත් කොළඹගේ මහතා අවධාරණය කර සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා,

“පවතින ඉන්ධන සහ ඖෂධ හිඟය නිසා ඉතාම ප්‍රවේශමෙන් ජීවත් වෙන්න කියන පණිවිඩය තමයි ජනතාවට දෙන්න තියෙන්නේ. ඖෂධ නාස්ති කරගන්න එපා.මේ වෙලාවේ යම් හෝ අනතුරක් සිද්ධ වුණොත් ප්‍රවාහන පහසුකම් සපයා ගන්න බැරි වේවි. වෛද්‍යවරුන්ට වගේම රෝහල් කාර්යමණ්ඩලයටත් ප්‍රවාහන පහසුකම සපයා ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා.
දරුවන්ව ආරක්ෂා කරගන්න. දැනට තිබෙන ඖෂධ ප්‍රමාණවත් නැහැ.හදිසි අවස්ථාවක කඩිනමින් රෝහල්ගත වෙන්න අවශ්‍ය ප්‍රවාහන කටයුතු සකසා ගන්න.විශේෂයෙන් ගැබිණි මව්වරු, කුඩා දරුවන් රෝහල් ගත වීම සඳහා ප්‍රවාහන පහසුම්කම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර පෙර සුදානමකින් පසුවෙන්න.”


RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...