27.9 C
Colombo
Saturday, April 27, 2024

උසාවියටත් ඉහළින් ගිය පොලිසිය (VIDEO)

- Advertisement -

සමගි ජනබලවේගය විසින් අද (16) දින ‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් පවත්වනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක එම විරෝධතාවයට සහභාගී වන්නන්ට පොලිසිය විසින් බාධා කරන අයුරු දිවයිනේ විවිධ ස්ථාන වලින් වාර්තා වනවා.

කොළඹට පැමිණීමට සූදානම් වන එම ජනතාවට එසේ පැමිණීමට ඉඩ නොදී අවහිර කරන අයුරු විවිධ ස්ථාන වලදී දැකගත හැකිවනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා ඊයේ දින පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ වල මහජන රැස්වීම් වලට සහභාගී වීය හැකි පුද්ගල සංඛ්‍යාව හෝ ප්‍රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති පසුබිමක තමාට එවැනි තහනම් නියෝගයක් ලබාදීමට නොහැකි බවයි.

කෙසේ වෙතත් නිරෝධායන නීති උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසියට හැකියාව පවතින බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළා.

කෙසේ වෙතත් මේ වන විට පොලිසිය එම නියෝගයට පිටින් කටයුතු කරමින් සිටින බවක් දැකගත හැකිවනවා.

මෙලෙස බාධා කිරීම් සිදු කරන්නේ කවර අධිකරණයේ නියෝගයක් මතදැයි ජනතාව පොලිසියෙන් ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරීන් නිරුත්තර වන අයුරුද දැකගත හැකිවිය.

May be an image of 8 people, people standing, tree and outdoors
May be an image of 10 people, people standing and road
May be an image of 14 people, people standing and road

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...