28.9 C
Colombo
Saturday, April 27, 2024

අගමැතිවරයාගේ යාපනය සංචාරයට විරෝධය (වීඩියෝ)

- Advertisement -

ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සඳහා එම විහාර පරිශ්‍රයේ සංවිධානය කර තිබු වැඩසටහනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (20) අද එක් වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ උතුරු පළාත සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බැඳී සිටින බවයි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) යාපනයේ ආගමික වැඩටහන් කිහිපයකට සහභාගී වුණි.

එහිදී යාපනය නාවක්කුලිය සමිද්ධි සුමන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සංඝාවාසය සඟ සතු කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයාගේ මෙම යාපනය සංචාරය විරෝධය පලකරමින් අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

විරෝධතාවයේ නිරත පිරිස කියා සිටියේ තම දරුවන් අතුරුදන් වී මේ වන විට වසර ගණනාවක් ගතව ඇතත් කොළඹ ආණ්ඩුව ඒ වෙනුවෙන් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයාගේ, ජනාධිපතිවරයාගේ, ඩග්ලස් දේවානන්ද මහතාගේ රුව සහිත බැනරයකට ගල් හා වැලිවලින් ගසා අනතුරුව එය ගිනි තැබීමටද ඔවුන් ක්‍රියාකළා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...