29.4 C
Colombo
Friday, April 26, 2024

අමාත්‍යංශයේ වාහන 18ක් ගෙදර වැඩට තියාගෙන ඉන්න ඇමති කවුද?

- Advertisement -

ආණ්ඩුවේ එක් අමාත්‍යංශයක වාහන 18 ක් පෞද්ගලික පරිහරණයට යොදාගන්නා අමාත්‍යවරයෙක් සිටින බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ අදාළ අමාත්‍යවරයාගේ නම හෙළි කළහොත් පළිගැනීමක් සිදුවිය හැකි බවයි.

ඊයේ (08) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පලකළා.

” අමාත්‍යංශයේ වාහන 18ක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදාගත් ඇමැතිවරයෙක් ඉන්නවා.
මැති ඇමැතිවරුන්ට ලැබෙන වාහන බලපත්‍රය විකුණලා අමාත්‍යංශවලට සැප වාහන ගන්නවා. ඊට පස්සේ ඒවා ඔවුන් පරහරණය කරනවා. මේවා හෙළි කළාම හෙළිකළ කෙනාගෙන් පලි ගන්නවා. ඇමැතිවරුන් කරන්නේම හොරකම විතරයි. ඒවායින් තමයි ආර්ථිකය විනාශ වුණේ”

තුෂාන් ගුණවර්ධන මහතා සිය අමාත්‍යංශය තුළ සිදුවන දූෂණ හා අක්‍රමිකතාවලට දිගින් දිගටම විරුද්ධ වුණා.

පාරිභෝගික සේවා අධිකාරිය අයත්වන විෂය භාර අමාත්‍යවරයා වන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතායි.


RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...