29 C
Colombo
Saturday, July 27, 2024

මුව ආවරණ අනිවාර්ය නොවන බවට ඇමති චන්නගේ ප්‍රකාශය හකුලාගන්න – වෛද්‍යවරුන්

- Advertisement -

පොදු ස්ථානවලදී මුව ආවරණ පැළදීම අනිවාර්යය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වහාම අවලංගු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ විශේෂයෙන් එළිමහන් රැස්වීම්වලදී මුවආවරණ පැළඳීමට පියවර ගන්නා ලෙසයි.

පසුගියදා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩභාරගත් චන්න ජයසුමන මහතා සිය ප්‍රථම රාජකාරිය ලෙස මෙතෙක් කලක් හොඳ සෞඛ්‍ය පුරුද්දක් ලෙස පැවති මුව ආවරණ පැළදීම අනිවාර්ය නොවන බවට නිවේදනයක් නිකුත් කළා.

මේ ‌හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැළඹීමක් ඇතිවූ අතර සාමාන්‍ය ජනතාව අතරද ව්‍යාකූල තත්ත්වයක් හටගත්තා.

  1. මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට නිර්දේශ කළ විශේෂඥ කණ්ඩායම කවුද ?
  2. එම විශේෂඥ කණ්ඩායම ඊට හේතු ලෙස දැක්වූ නිශ්චිත කරුණු මොනවාද ?
  3. එම තීරණය මගින් සිදු විය හැකි ධනාත්මක හෝ සෘණාත්මක බලපෑම් පිළිබඳ වගකීම ගන්නේ කවුද ?
  4. ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය අවසන් අදියරකට පැමිණ තිබේ ද ?
  5. එසේ නම්, එය පිළිගැනීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉලක්කම් හැර, වෙනත් නිශ්චිත සාක්ෂි – සාධක තිබේ ද ?
  6. ඉහත ප්‍රශ්නවලට විධිමත් පිළිතුරු නොමැතිව, සීග්‍ර කොවිඩ් ව්‍යාප්තියක් හෝ වෙනත් ස්වසන රෝග ව්‍යාප්තියක් සිදුවුවහොත්, ඊට මුහුණ දෙන්නට ඖෂධ ඇතුළු අනෙකුත් සියලු අවශ්‍යතා අප සතු ද ?

යන නිශ්චිත ප්‍රශ්න කිසිවකට සෞඛ්‍ය අමාත්‍යවරයා සතුව පිළිතුරු නොමැතිවීම හේතුවෙනුයි.

කෙසේවෙතත් වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ තවදුරටත් හැකි සෑම අවස්ථාවකදීම මුව ආවරණ පැලද තමන්ගේ ආරක්ෂාව සලසාගන්නා ලෙසයි.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...