27 C
Colombo
Wednesday, May 18, 2022

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 37 ක් පිළිබදව පොලිස්පති හෙළිකරයි

- Advertisement -

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පළාතේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 37 දෙනකු මේ වන විට හදුනාගෙන ඇති බව පොලිස්පතිවරයා සදහන් කරනවා.

අදාළ නිලධාරීන්ගේ නමන් ලැයිස්තුවක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමු කර ඇති අතර, මීට අදාළ පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

එම නම් ලැයිස්තුව දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොළඹ, කළුතර, බස්නාහිර පළාත දකුණ සහ බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත යොමු කර ඇති තිබෙනවා.

මෙම නිලධාරීන්ගෙන් 28 දෙනෙකු කොළඹ ප්‍රදේශයෙන්ද, හය දෙනෙක් කළුතර ප්‍රදේශයෙන්ද, දෙදෙනෙක් බස්නාහිර පළාතේ උතුරු ප්‍රදේශයෙන්ද, එක් නිලධාරියෙක් බස්නාහිර දකුණ ප්‍රදේශයෙන්ද වාර්තා වනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ලිපියෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් දී ඇත්තේ එම නිලධාරීන් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදුකරන ලෙසත්, අනාවරණය වන කරුණු මත නිලධාරීන් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද යන්න පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙසත්ය.

එමෙන්ම එම නිලධාරීන් සේවයෙන් ඉවත් කළ යුතුද යන්න පිළිබඳ ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තා ඉදිරිපත් කරන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

මෙම නම් ලැයිස්තුවට ඇතුළත් පොලිස් නිලධාරීන්ගේගෙන් බහුතරයක් ගංජා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් ලෙස නම්කර තිබෙනවා.

නමුත් එම ලැයිස්තුවේ තවත් කිහිප දෙනෙකු ‘අයිස්’ මත්ද්‍රව්‍යටත්, දෙදෙනෙකු ‘හෙරොයින්’ මත්ද්‍රව්‍යටත් ඇබ්බැහිවූවන් බවත් සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සදහන්.


RECENT ARTICLES - SINHALA

අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!

රටම බලාගෙන සිටින්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධව නොව මේ රටේ ගැටළු වලට පාර්ලිමේන්තුව ලබා දෙන උත්තර කුමක්දැයි යන්න සම්බන්ධව බව සමගි...

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...