26 C
Colombo
Tuesday, April 30, 2024

පැමිණිල්ලක් ආවොත් ලොහාන්ට නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති සරත් වීරසේකර

- Advertisement -

පසුගියදා බන්ධනාගාර දෙකක් සම්බන්ධව ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු වුවහොත් හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව පියවර ගැනීමට සූදානම් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන බව ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කරනවා.

මෙම සිදුවීම් දෙකට අදාළව වරද භාරගනිමින් ලොහාන් රත්වත්තේ මහතා ඊයේ සිය බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පමණක් ඉල්ලා අස්වුණා.

ඔහු බීමතින් සිටියදී මිතුරන් කණ්ඩායමක් සමඟ වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ බව වාර්තා වන අතර අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකුට හිසට තුවක්කුව එල්ල කර තර්ජනය කළ බවටද චෝදනා එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්‍ෂක ඇමති, රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකු පැමිණිල්ලක් කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව සිය අමාත්‍යාංශය පියවර ගැනීමට සූදානම් බවයි.

සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ බන්ධනාගාර සංකීර්ණ තුළ ආයුධ භාවිතා කිරීමට එරෙහිව පියවර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට හැකි වන බවයි.

“මම හිතන්නේ ඔහු පාවිච්චි කළ තුවක්කුව බලපත්‍රලාභී ගිනි අවියක්. කෙසේ වෙතත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් යමෙකු පැමිණිලි කළහොත් නීතියට අනුව ඊට එරෙහිව පියවර ගැනීමට අපට හැකි වනු ඇත”


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...