33 C
Colombo
Friday, May 3, 2024

වර්ජනය කරන ගුරුවරුන්ට විරුද්ධව පියවර ගන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්

- Advertisement -

අද (21) පැවති ගුරු වර්ජනය හා සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබදව News19 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගෙන් විමසීමක් කළා.

අමාත්‍යංශය පැත්තෙන් පසුගිය 21දා සිසුන් 200ට අඩු පාසල් නිල වශයෙන් ආරම්භ කළා. නමුත් ගුරුවරු සහ විදුහල්පතිවරුන් වර්ජනයේ. පාසල්වල තත්ත්වය කොහොමද?

මට කියන්න තියෙන්නෙ කවුරු සාර්ථකද, අසාර්ථක ද කියන එක නෙමෙයි. මේ ඔක්කොම දරුවන් වෙනුවෙන් කරන කටයුතු. කොවිඩ් වසංගත තත්ත්වය තුළ කොහොමත් දරුවන්ගෙ පැමිණීමත් ටිකක් අඩුයි. අපි අමාත්‍යංශය විදිහට පාසල් විවෘත කරන්න අවශ්‍ය කටයුතු කළා. ඉදිරියෙදිත් කරනවා. මම කැමැති නෑ, කාටවත් අගෞරව වෙන විදිහට කතා කරන්න. ඒ වගේම තරගයක් ඇති කරන්නත් මට අවශ්‍ය නෑ.

ඔබ අමාත්‍යංශ ලේකම්වරයා. ඒ නිසා ඔබට මේ සම්බන්ධයෙන් නිල වගකීමක් තියෙනවා…?

ලේකම් විදිහටත් මං එහෙම තමයි. මට මේ රටට ආදර්ශයක් දෙන්න ඕනෙ. මං සාමාන්‍ය ජීවිතයෙත් එහෙමයි. අපි නිල කටයුත්ත විදිහට අද පාසල් ආරම්භ කළා. පාසල් ආරම්භ කරන්න කටයුතු සූදානම් කිරීම පැත්තෙන් සීයට 97ක විතර සාර්ථකත්වයක් තියෙනවා. ඒ කියන්නෙ පිරිසිදු කරලා වගේ වැඩවලින්. තවම අපිට සියලුම වාර්තා ලැබිලා නෑ. 21 දවසේ සබරගමු පළාත ගත්තාතේ, වාර්තා වෙන විදිහට දවල් 12 වෙනකොට පාසල් 625කින් විදුහල්පතිවරුන් සීයට 55ක් සේවයට වාර්තා කරලා තියෙනවා. දරුවන්ගේ පැමිණීම සීයට 18යි. ගුරුවරුන්ගෙ පැමිණීම සීයට 24ක් වගේ.

විවිධ පාර්ශ්ව, විශේෂයෙන්ම දේශපාලනඥයන් අදහස් දක්වලා තිබුණා, වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන්ට එරෙහිව පියවර ගන්නවා කියලා. අමාත්‍යංශය පැත්තෙන් එහෙම නිල තීරණයක් අරගෙන තියෙනවද?

ගුරුවරුන්ට අදාළව කිසිම පියවරක් ගැනීමක් ගැන තීරණයක් අරගෙන නෑ. මටත් මෙතැන ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. කම්කරු නීති සහ අයිතිවාසිකමුත් තියෙනවනෙ, ඒවා ගැනත් අපි හිතන්න ඕනේ. ඇඟේ හයියට මේවා කරන්න බෑ, මට ජනාධිපතිතුමාවත් එහෙම කියලත් නෑ.


RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...