33 C
Colombo
Thursday, May 2, 2024

අලි සබ්රිගේ ඉල්ලා අස්වීමත් රිවස්

- Advertisement -

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට පත්කිරීමට විරෝධය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට මීට පෙර තොරතුරු වාර්තා වූණා.

ඒ අනුව සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද තමන් ඉල්ලා අස්වන බව දන්වමින් ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාරදී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීමේ ලිපි දෙක ජනාධිපතිවරයා භාර නොගත් බවට තොරතුරු වාර්තා වනවා.

ජනාධිපතිවරයා හමුවේ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නීති සකස් කිරීමට රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතින අවස්ථාවක මෙවැනි කාර්යසාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම අනවශ්‍ය ගැටළු මතු වන්නක් බවයි.

එමෙන්ම බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට පත්කිරීම සම්බන්ධයෙන් තමාගේ පැහැදීමක් නැති බවද අලි සබ්රි මහතා පවසා තිබෙනවා.

ඊට පිළිතුරු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කළේ තමාට එම කාරණයට අදාළව උපදෙස් ගැනීමට පමණක් බවයි.

තවද නීති සකස් කිරීමේ කටයුතුවලදී අනිවාර්යෙන්ම අධිකරණ ඇමැතිවරයාගේ දායකත්වය ලබා ගන්නා බවද ජනාධිපතිවරයා අලි සබ්රි මහතාට දැනුම්ද තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...