27 C
Colombo
Monday, April 29, 2024

රුපියල් මිලියන 500 ක් ඉල්ලා රෝසිගෙන් පුෂ්පිකාට එන්තරවාසි

- Advertisement -

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා සිය නීතිඥයින් මාර්ගයෙන් ලිපියක් යොමුකර තිබෙනවා.

ආන්දෝලනාත්මක ලෙස 2021 විවාහක රූ රැජිණ ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ හිටපු ලෝක විවාහක රූ රැජිණකද වන කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය තමන්ට ලෝක විවාහක රූජිණ කිරුළ අහිමි කිරීමට කටයුතු කළ බවයි.

පසුගියදා ඇමරිකාවේ ලාස්වේගාස්හීදී ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය පැවති අතර එහිදී පුෂ්පිකාද සිල්වා අවසන් තරඟකාරියන් 6 දෙනා අතරට පැමිණියා.

පසුව චමුදිත සමරවික්‍රම සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසා සිටියේ ඇතැම් විනිසුරුවරුන් තමන්ට පළමු ස්ථානය සදහා ඡන්දය ලබාදුන් බවයි.

නමුත් එම තරඟය නැරඹීමට ලාස් වේගාස් නුවරට පැමිණ සිටි රෝසි සේනානායක මහත්මිය එම තීරණය වෙනස් කිරීමට සංවිධායකයින්ට බලපෑම් කළ බවට තමන් සැක කරන බව ඇය සදහන් කළා.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන සේනානායක මහත්මිය සිය පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය වෙත කාන්දු වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසද පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටිනවා.

Scanned Image

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...