28 C
Colombo
Friday, May 3, 2024

පුෂ්පිකාට තවත් නඩුවක්

- Advertisement -

පසුගිය වසරේදී Mrs.Sri Lanka ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය එරෙහිව නඩු පැවරීමට විජය පුවත්පත් ආයතනයේ සේවය කරන නිවේදකයෙක් වන ධනූ ඉනසිතම්බි මහතා සූදානම් වනවා.

ඒ අනුව මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන්හි උප සභාපතිවරිය ටානා ජොන්සන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුව ඔහුට පුෂ්පිකා ද සිල්වා මහත්මිය දුරකතනයෙන් තර්ජනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම නඩු පැවරීම සිදුකෙරන බවයි ධනූ ඉනසිතම්බි මහතා සදහන් කරන්නේ.

එමෙන්ම පසුගියදා චන්දිමාල් ජයසිංහ මහතා සමඟ ධනූ ඉනසිතම්බි මහතා සිදුකල සම්මුඛ සාකච්ඡාවකට අදාළවද පුෂ්පිකා ද සිල්වා මෙනෙවිය සමාජ මාධ්‍ය තුළ අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ සිදුකර ඇති බැවින් රුපියල් මිලියන 200ක් ඉල්ලා නීතිඥවරියක් මාර්ගයෙන් එන්තරවාසි යොමුකර තිබෙනවා.

එමගින් දක්වා ඇත්තේ තමන්ගේ කීර්ති නාමයට පුෂ්පිකා ද සිල්වා මෙනෙවිය හානි කර ඇති බැවින් එම වරද නිවැරදි කර තමන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවයි.

කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියද මීට පෙර පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් රුපියල් මිලියන 500 ක් ඉල්ලා එන්තරවාසි යොමුකර තිබුණා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...