29.6 C
Colombo
Sunday, April 28, 2024

IMF සමඟ සාකච්ඡා කරන අතරතුරත් රුපියල් බිලියන 83 ක් අච්චු ගහලා

- Advertisement -

මාර්තු මස පළමුවැනිදා සිට මාර්තු මස 16 දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රු. බිලියන 132.66 ක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු පවසන්නේ අද දිනයේත් (මාර්තු 18) මහබැංකුව විසින් මුදල් අච්චු ගසා ඇතත් අදාළ මුදල් ප්‍රමාණය රහසිගතව තබාගෙන ඇති බවයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ පමණක් රුපියල් මිලියන පහළොස් ලක්ෂ හැට නව දහසක් (රු. මිලියන 1,569,290) ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ හා උපාය මාර්ගික උපදේශයන් නොතකා හරිමින් ශ්‍රී ලංකා මහ බැංකුව රටත්, ආර්ථිකයත් කාබාසිනියා කරමින් උද්ධමනය අහස උසට නංවන මැරතල් මුදල් අච්චු ගැසීමක නිරත වන බවයි තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ.

මෙම මුදල් අච්චු ගැසීම අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයා සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වන අතරතුර මාර්තු 14 දින අච්චු ගැසූ රු. බිලියන 83 ක් ද ඇතුළත් වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

දියේ ගිලී තරුණයෙක් මරුට

නොච්චියාගම, මානෙල් වැවේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (27) උදෑසන කාලයේදී එම තරුණයා මානෙල් වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී මෙලෙස එහි ගිලී...

වන විනාශය ගැන හොයන්න විශේෂ කණ්ඩායම්

දිවයින පුරා සිදුවන වන විනාශයන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි වන සං‍රක්ෂණ දෙපාර්තුමේන්තුව පවසනවා. වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන්...

ලෝකෙට ගැළපෙන නායකයා රනිල් – වජිර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට තීරණය කර අවසන් බවත්, එම ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ සිදු වන ඓතිහාසිකම ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...