33 C
Colombo
Sunday, May 5, 2024

වසරේ මුල් මාස 02ක තුළ බිලියන 11ක සහල් ආනයනය කරලා

- Advertisement -

විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින වාතාවරණයක මෙම වසරේ මුල් මාස දෙක තුළ සහල් ආනයනය සඳහා රජය රුපියල් බිලියන 11කට අධික මුදලක් වැය කර තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එලෙස ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 122,217ක්.

පසුගිය වසරේදී රුපියල් බිලියන7.5ක් සහල් ආනයනය සඳහා වැය කර තිබු අතර ඒ අනුව එම වසරටම ආනයනය කළ සහල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වසරේ මුල් මාස 2 තුළදී පමණක් මෙරටට ගෙන්වා ඇති බවයි වෙළෙඳපොළ දත්ත පිරික්සීමේදී තහවුරු වන්නේ.

සහල් මෙලෙස ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවේ රසායනික පොහොර තහනමත් සමඟ මහ කන්නයේ වී අස්වනු අඩු වීම හේතුවෙන්.

ඒ අනුව මෙම වසරේ මුල් මාස දෙක තුළ දී වැඩිම සහල් ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ ඉන්දියාවෙන්.

එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 117,471ක්.

එමෙන්ම පකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 3490ක් , මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 1125 ක්ද ආනයනය කර තිබෙනවා.

ඊට අමතරව චීනය,ඉතාලිය, වියට්නාමය, තායිවානය, ජපානය සහ සිංගප්පූරුවෙන් ද මුල් මාස දෙක තුළදී සහල් ආනයනය කර ඇති බව රේගු දත්ත පරික්ෂා කිරීමේදී තහවුරු වන කරුණක්.

සහල් ආනයනය කළ ද මේ වනවිට වෙළෙඳ පොළේ දේශීය සහල් වලට අමතරව ආනයනික සහල් මිල පවතින්නේ ඉහළ අගයකයි.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...